gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත‍්‍රී අර්චුනා අදත් පිස්සු කෙලී

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුන මන්ත්‍රීවරයා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවිය.
කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවතින් අනවසර වැලි ගොඩදැමීම සම්බන්ධයෙන් දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක් වූ අවස්ථාවේදී අර්චුනා මන්ත්‍රීවරයා සහ කිලිනොච්චිය තල්සංවර්ධන මණ්ඩලයේ සභාපති සහාදේව මහතා අතර මෙම බහින්බස් වීම සිදු වූ අතර සහදේව මහතාට තවත් රජ්‍ය නිලධාරීන් පිරිසක් සහය දක්වා අර්චුන මන්ත්‍රීවරයාට විරෝධය පෑමක් සිදුවිය.

කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කර්යාලයේදී අද මෙම සංවවර්ධන කමිටු රැස්වීම පැවති අතර ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර උතුරු පලාත් ආණ්ඩුකර නාගලිංගම් වේදනායගම් මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආර්කෂක නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

තල්සංවර්ධන මණ්ඩලයේ සභාපති සහාදේව මහතා සහ මන්ත්‍රී අර්චුනා අතර ඇති වූ බහින්බස්වීම පසුව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් විසින් සමතයකට පත්කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංක

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka