පසුගිය 19 වෙනිදා රජය ඇනවුම් කළ සහල් නැවක් මෙරටට පැමිණීමට නියමිතව තිබුණ ද නැව පමා වන බව දැනුම් දුන් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
කෙසේ වුව ද එම නැව කුණාටුවකට හසු වුණා යැයි ඔහු කිවහොත් තමන්ට කළ හැකි දෙයක් නොමැති බව ද වසන්ත සමරසිංහ පෙන්වාදෙයි.
ටෙන්ඩර් පටිපාටියේ ඇති ගැටලු නිසා මෙලෙස සහල් ආනයනය පමා වන නිසා ඉදිරියේ දී එම පටිපාටියෙන් තොර විකල්ප ක්‍රමවේද පිළිබඳ සොයා බලන නමුත් තමන් විපක්ෂයේ සිටියේ නම් එමගින් වංචා කරන නිසා ටෙන්ඩර් කිරීමකින් තොරව භාණ්ඩ ආනයනයට විරුද්ධ වන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
පෙරේදා (23) දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් ඇමති වසන්ත සමරසිංහ මේ බව කීය.