gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසිය රෑට මූණට ටෝච් ගැහිල්ල අත්හිටුවයි..

රථවාහන රාජකාරි නිලධාරීන් රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී බොහෝ අවස්ථාවල විවිධ ආකාරයේ විදුලි පන්දම් භාවිතා කිරීම තුලින් එම විදුලි පන්දම් ආලෝකය රියදුරන්ගේ මුහුණට වැදීම හේතුවෙන්, ඇතැම් අවස්ථාවල රථය හැසිරවීමට සහ පාලනය කිරීමට ඇති වන අපහසුතාවය මෙන්ම එමඟින් අනතුරු සිදුවීමට ඇති හැකියාවත්, ආලෝක පරාර්වතන ජැකට් පැළඳ නොසිටීම තුලින් නිලධාරින් අනතුරට පත් වීමේ අවකාශය වැඩි බවටත් නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව මින් ඉදිරියට රථවාහන රාජකාරි යෙදී සිටින නිලධාරින් මින් පෙර උපදෙස් ලබාදී ඇති පරිදි රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී, අදාල නිලධාරියා රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාර්වතනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටීමටත්, රථවාහන නැවැත්විම සඳහා මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත්කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කිරීමටත් වැඩබලන පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබාදී ඇත.

තවද රාත්‍රී රාජකාරි යොදවන නිලධාරින් එසේ ක්‍රියාකරන්නේ ද යන්න නිරන්තරවම අධීක්ෂණය කරන ලෙසට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් වෙත වැඩබලන පොලිස්පතිතුමා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka