gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මණ්ඩලේ කචල් වෙයි.. ලොකු පිපිරීමක් අත ලඟ!

මෙවර විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා නොදීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මණ්ඩලයේ මතු වූ අර්බුදකාරී තත්වය පිපිරීමක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත් සේවකයන් සහ පාලනාධිකාරිය අතර දැඩි මතභේදාත්මක තත්වයක්ද නිර්මාණය වී ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

22,000 ක් වන විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනාව ලබාදීමට යන්නේ සමස්ත විදුලි බල මණ්ඩලයේ ආදායමෙන් 1% වඩා අඩු ප්‍රමාණයක් බව විදුලි බල මණ්ඩලයේ පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමය පවසයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, ලක්ෂ 40 කින් පමණ මෙම ප්‍රසාද දීමනාව සියළුම සේවකයන්ට ලබාදීමට හැකියාව පවතින බවත් ප්‍රසාද දීමනා ලබාදීමට නොහැකි යැයි කියන කාරණයට එකඟවිය නොහැකි බවත් ය.

ඊට අමතරව, පසුගිය රජය සකස් කළ සැලසුම් වලට අනුකූලව විදුලි බිල අඩු කිරීමටද හැකියාව පවතින බවද පෙන්වාදෙන එම සංගමය ප්‍රසාද දීමනා ලබා නොදීමට ගෙන ඇති තීරණයට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සංගම් කිහිපයක් තීරණය කර ඇති බවත් පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka