gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ASPලා 230ක් තනතුරෙන් පහළ දැමීමේ යෝජනාවක්

සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලබාදීමේදී අසාධාරණයට ලක්වූ බව කියමින් අධිකරණයට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 136 දෙනකුට සාධාරණය ඉටු කිරීම සඳහා ඔවුන් සමග සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටිමින් උසස්වීම් ලද සහකාර පොලිස් අධිකාරිවරුන් 230 දෙනකු තනතුරෙන් පහළ හෙළීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

2021 වසරේදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පවත්වා එයට සහභාගි වූ නිලධාරීන් 500 දෙනකු අතරින් 230 දෙනකුට උසස්වීම් ලබාදෙන ලදී. එම 230 දෙනාගේ සුදුසුකම් යළි පරීක්ෂා කිරීමට අලුතින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පැවැත්වීමට යෝජනා වී ඇත.

2021 වසරේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මගින් දූෂිත නිලධාරීන්ටද ලකුණු ලබාදී ඇතැයි හෙළිවීම මත මෙලෙස නැවත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පැවැත්වීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් යෝජනා කර තිබේ.

මේ සම්බන්ධව පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල, නියෝජ්‍ය මහජන ආරක්ෂක ඇමැති සුනිල් වටගල, අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති රවී සෙනෙවිරත්න, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් නීති අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවා තිබිණි.

උසස්වීම් ලබාදීමේදී අසාධාරණයට ලක්වූ බව කියන නිලධාරීන් 136 දෙනා නියෝජනය කරමින් නිලධාරීහු පහළොස් දෙනෙක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. අසාධාරණයට ලක්වූ නිලධාරීන්ට සාධාරණය ඉටුවිය යුතු බව මෙහිදී ඇමැතිවරයා, නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් අවධාරණය කර ඇත. ඒ අනුව මේ සඳහා අලුතින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පවත්වා අසාධාරණ ලෙස උසස් වූ නිලධාරීන් ඇත්නම් තනතුරින් පහළ හෙලීමට යෝජනා වී ඇත. එමෙන්ම අලුතින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල පවත්වා කාලය ගැනීමකින් තොරව අසාධාරණයට ලක්වූ නිලධාරීන් සුදුසුකම් සපුරා ඇති බැවින් ඔවුන්ටද උසස්වීම් ලබාදෙන ලෙසටද යෝජනා වී ඇත.

සහකාර පොලිස් අධිකාර ධුරයේ දැනටමත් ඇති පුරප්පාඩු 108 සම්පූර්ණ කර ඉතිරි නිලධාරීන් 24 දෙනාට අධි සේවක පදනම මත බඳවා ගන්නා ලෙසටද අසාධාරණයට ලක්වූ නිලධාරීහු රජයෙන් ඉල්ලා සිටිති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka