gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කතානායකට එරෙහි විස්වාස භංගය පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙනුත් ඉවත් කරයි

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ලූලාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබ පැතුම්!

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) මහතා වෙත සුබ පැතුම් පිරිනමමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

රියදුරන්ට අනතුරු ඇගවීමයි! මධ්‍යම කදුකරයේ මාර්ගවලට පස් කදු කඩා වැටෙනවා!

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (26) අලුයම සිට තද වැසි සහ සුළං ඇතිවීම හේතුවෙන් මාර්ගවල ගමනාගමනයේදී සැලකිලිමත් වන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

බිත්තර සහ කුකුළු මස් මිලට මොකද වෙන්නේ.? මිලදී ගැනීම පහළට!

උත්සව සමයේදී වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර සහ කුකුළු මස් කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කරයි.

හදිසි දැනුම්දීමයි! නොරෙච්චෝලේ ජනන යන්ත්‍රය අක්‍රීය කෙරේ!

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අක්‍රිය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

පහත්බිම් සහ ගංගා ද්‍රෝණි ආසන්නයේ ජීවත් වන ජනතාවට ඉදිරියේදී වෙන්න යන දේ - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුවත්කිරීමක්!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව, දිවයින පුරා ජලාශ ආශ්‍රිතව ලැබී ඇති වර්ෂාපතනය නිසා මේ වන තෙක් කිසිදු ගංවතුර තත්ත්වයක් හටගෙන නොමැති බව සඳහන් කරයි.

ඒ අනුව පවතින වැසි තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම්වල සාමාන්‍ය ඉහළ යාමක් පෙන්නුම් කළත්, එය ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැති බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර පවසන බව සඳහන්.

NEWS ALERT : බෙංගාල බොක්කේ පීඩන අවපාතය ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක්! ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට තද වැසි සහ තද සුළං

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka