ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ ඊට යාබද අන්දමන් මුහුද ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ලබන 11 වැනිදා වන විට හටගැනීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම වායුගෝලීය කැළඹිලි තත්ත්වයේ සෘජු බලපෑම හේතුවෙන් නොවැම්බර් 13 වැනිදා පමණ වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමට ඉඩකඩ පවතින බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එමෙන්ම, මෙම පද්ධතිය තවදුරටත් සක්‍රිය වෙමින් නොවැම්බර් 15 වැනි දින වන විට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් බවට පත්වීමේ අඩු සම්භාවිතාවක් පවතින බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මේ හේතුවෙන් අදාළ මුහුදු කලාපවල සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යාමට සහ මුහුද රළු වීමට ඉඩ ඇති බැවින්, බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු සීමාවන්හි යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා, නාවික ප්‍රජාව මෙන්ම වෙරළබඩ ධීවර ජනතාව ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි සහ නිල නිවේදන පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙසද දැනුම් දෙනු ලැබේ.


