දිවයිනේ විවිධ වනාන්තර සහ ගම්මාන ආශ්‍රිතව සැරිසරන, දැඩි ජීවිත අවදානමකට ලක්ව සිටින ප්‍රකට දළ ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හමුදා අනුකණ්ඩ යෙදවීමට පියවර ගෙන තිබේ.
මෑත කාලයේදී සිදුවූ “කාවන්තිස්ස” ඇතාගේ මරණය ඇතුළු වන අලි අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් හමුවේ, පරිසර සංවිධාන කළ ඉල්ලීම් සහ ආරක්ෂක අංශවල මැදිහත්වීම මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.
හමුදා ආරක්ෂාව සහ මූලික අවධානය හිමිවී ඇති ඇතුන් සහ උන් සැරිසරන කලාප:
මහානාම – කුමන, ආරගම්බේ
කාශ්‍යප – බුන්දල, වීරවිල
විජයබා – දිගම්පතහ, මින්නේරිය
සුරනිමල – කලාවැව
අග්බෝ – මහකනදරාව
සුමේධ – උඩවලව
සූර්යයා – මහවිලච්චිය, හලාවත
මහාසේන – ලුණුගම්වෙහෙර
දීඝායු – මහවිලච්චිය
ගජබාහු – යාන්ඔය, වාහල්කඩ, පදවිය
වන්නියා – මුලතිව්
මාදුරුඔය ප්‍රදේශයේ සැරිසරන ඇතා
මෙම සතුන් මිනිස් ක්‍රියාකාරකම්, අකුණු සැර, විදුලි රැහැන් සහ හොරෙන් දඩයම් කරන්නන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා වනජීවී නිලධාරීන්ට අමතරව ආරක්ෂක අංශ විසින් ද අඛණ්ඩව නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.



