gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සියළුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස රජය දැනුම් දෙයි

ප්‍රවීණ සංගීතවේදිනී, විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් ප්‍රකාශයට පත් කර ඇති තෙදින ජාතික ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ඒ අනුව අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 04/2026 යටතේ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.

2026 අගෝස්තු 21 වන දින නිකුත් කළ එම චක්‍රලේඛයට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා අත්සන් කර තිබේ.

විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස රජය විසින් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka