gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ට‍්‍රම්ප්ගෙන් රටවල් 60කට අලුත් බද්දක්! - 2.5%ක් අඩුකර ලංකාවටත් 10%ක බද්දක්!

බලහත්කාර ශ්‍රමය (Forced Labor) යොදාගනිමින් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට සහ එම නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට එරෙහිව නව වෙළඳ බදු පැනවීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, 1974 වෙළඳ පනතේ 301 වගන්තිය යටතේ මෙම පියවර ගත් බව ඇමරිකානු වෙළඳ නියෝජිත (USTR) තානාපති ජේමියසන් ග්‍රීර් නිවේදනය කළේය.

දශක ගණනාවක් තිස්සේ සිදුකළ සදාචාරාත්මක බලපෑම් මගින් ගෝලීය සැපයුම් දාමයෙන් බලහත්කාර ශ්‍රමය තුරන් කිරීමට නොහැකි වී ඇති බැවින්, මෙම දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූ බව තානාපතිවරයා පෙන්වා දෙයි.

මෙම නව බදු ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, කැනඩාව, මෙක්සිකෝව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයකට සියයට 10ක බදු අනුපාතයක් නියම කර ඇත. බලහත්කාර ශ්‍රමය වැළැක්වීමට පියවර ගෙන ඇති හෝ ඒ සඳහා ජාත්‍යන්තර එකඟතාවන්ට එළඹ ඇති රටවල් සඳහා මෙම සහනදායී බදු මට්ටම ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත්, විමර්ශනයට ලක්වූ අනෙකුත් රටවල් සඳහා සියයට 12.5ක බදු අනුපාතයක් පැනවීමට තීරණය කර තිබේ.

මීට අමතරව යුරෝපා සංගමය, ජපානය, තායිවානය, කොරියාව සහ ස්විට්සර්ලන්තය යන රටවල ඇතැම් නිෂ්පාදන සඳහා ද සියයට 10ත් 12.5ත් අතර බදු පැනවෙනු ඇත.

කෙසේ වෙතත්, ඇමරිකානු වෙළඳපොළට අත්‍යවශ්‍ය වන අමුද්‍රව්‍ය, දේශීයව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොවන භාණ්ඩ සහ මෙම බදු පැනවීම නිසා එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි ඇතැම් නිෂ්පාදන මෙම බදු පැනවීමෙන් නිදහස් කිරීමට ද ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය තීරණය කර ඇත.

2026 මාර්තු මාසයේදී ආරම්භ කරන ලද දීර්ඝ විමර්ශනයකින්, මහජන අදහස් විමසීමකින් සහ අදාළ රටවල් සමඟ පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව මෙම අවසන් තීරණයට එළඹ තිබේ. මෙමගින් ලොව පුරා සිටින කම්කරුවන්ගේ සුබසාධනය ඉහළ නැංවීම සහ මානව හිමිකම් සුරැකීම අපේක්ෂා කරන බව ඇමරිකානු රජය වැඩිදුරටත් සඳහන් කරයි.

ඇමරිකානු රජයේ නිවේදනය මෙතනින්
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka