gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඉරානයට ප්‍රහාරයක් එන ලකුණු... ඇමෙරිකාව සමඟ ඊශ්‍රායලය සූදානම්!

ඉරානයට එරෙහි ප්‍රහාරයකදී ඇමෙරිකානු හමුදාව සමඟ එක්ව කටයුතු කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සූදානමින් පසුවන බව එරට අගමැති බෙන්ජමින් නෙදන්යාහු, ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් සහ මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඊයල් සමීර් ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් උත්සන්න වී පැවතියද, ඊශ්‍රායල හමුදාව මේ දක්වා ඊට සෘජුව සම්බන්ධ වී නොමැත. කෙසේ වෙතත්, ඊශ්‍රායල ගුවන් නියමුවන්ගේ උපාධි ප්‍රධානෝත්සවයකදී අගමැති නෙදන්යාහු ඇතුළු ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් මෙම සූදානම පිළිබඳව අදහස් පළ කර ඇත.

ඉරාන ගැටුම තවමත් අවසන් වී නොමැති බවත්, ඉරානයට එරෙහිව වඩාත් තීරණාත්මක මෙහෙයුම් ඉදිරියේදී දියත් කිරීමට නියමිත බවත් මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඊයල් සමීර් එහිදී ගුවන් නියමුවන් අමතමින් අවධාරණය කළේය. ඒ සඳහා සූදානමින් සිටින ලෙස ඔහු සියලුම හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka