gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සරණ වැලිකඩ බන්ධනාගාර පුස්තකාල සේවයට යොදවයි - කට්ටියත් එක්ක අවුලක් නැතුව ඉන්නවලු

බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරයේ පුස්තකාල අංශයේ සේවය සඳහා යොදවා ඇති බව වාර්තා වේ.

ඔහු පසුවන සුළු සුළු ආබාධ තත්ත්වයන් කිහිපයක් සඳහා වෛද්‍යවරයකු වෙත යොමුකර ඇතත්, රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට තරම් බරපතළ හෝ දරුණු සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අතර, හිටපු ඇමැතිවරයා බන්ධනාගාර නිලධාරීන් මෙන්ම අනෙකුත් රැඳවියන් සමඟ ද ඉතා සුහදශීලීව කටයුතු කරන බව බන්ධනාගාර නිලධාරියකු ප්‍රකාශ කර තිබේ.

කෙසේවුවද, මේ වන විටත් බන්ධනාගාරයේ පවතින දැඩි තදබදයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka