gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

EPF-ETF ඒකාබද්ද කරන්න අනුමැතිය

1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ ස්ථාපිත සේවක අර්ථසාධක අරමුදල මඟින් සාමාජිකයන් මිලියන 2.5කට අධික සංඛ්‍යාවක් ආවරණය කරනු ලබන අතර, එහි වත්කම් රුපියල් ට්‍රිලියන 4.9 ඉක්මවනු ලබයි. 

සේවක අර්ථසාධක අරමුදලේ භාරකාරිත්වය, ආයෝජන කළමනා කරණය, මුල්‍ය පරිපාලනය සහ සාමාජික ප්‍රතිලාභ ගෙවීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වන අතර, සේවා යෝජකයින් සහ සේවකයින් ලියාපදිංචි කිරීම, අනුකූලතාව බලාත්මක කිරීම, හිඟ මුදල් අයකර ගැනීම සහ පනත යටතේ සේවක අයිතිවාසිකම් නීතිමය වශයෙන් ආරක්ෂා කිරීමේ වගකීම කම්කරු දෙපාර්තමේන්තුව සතු වේ. 

1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත මඟින් පිහිටුවන ලද සේවා නියුක්තයන්ගේ භාර අරමුදල, සේවායෝජකයින් සහ සේවකයින් නියෝජනය කරනු ලබන ත්‍රෛපාර්ශ්වික මණ්ඩලයක් මඟින් පාලනය වේ. 

එකී අරමුදල මඟින් මේ වන විට ක්‍රියාකාරී සාමාජිකයින් මිලියන 3 කට අධික සංඛ්‍යාවක් ආවරණය වන අතර, එහි වත්කම් ප්‍රමාණය බිලියන 637.5 ක් ඉක්මවා ඇත. 

සමාජ ආරක්ෂණය සඳහා ත්‍රෛපාර්ශ්වික පාලනයක් පැවතීම ජාත්‍යන්තරව පිළිගත් හොඳම පිළිවෙතක් වන අතර, එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ප්‍රවර්ධනය කරනු ලබන මූලික මූල ධර්මයකි. 

එබැවින්, සාමාජිකයන්ගේ වත්කම් පිළිබඳව පුර්ණ නීතිමය සහ මුල්‍යමය ආරක්ෂාව තහවුරු කරමින් ජාත්‍යන්තර හොඳම පිළිවෙත් හා අනුකූලව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සියලු කාර්යයන් රජය, සේවායෝජකයින් සහ සේවකයින් නියෝජනය කරන ත්‍රෛපාර්ශ්වික මණ්ඩලයක් යටතේ ඒකාබද්ධ පාලන රාමුවක් යටතට පත් කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka