අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ඉහළම නීති ක්‍රියාත්මක කරන නිලධාරිනිය වන නීතිපතිනි පැම් බොන්ඩි (Pam Bondi) එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. දීර්ඝ කාලයක සිට ට්‍රම්ප්ගේ සමීපතමයෙකු සහ ඔහුගේ පරිපාලනයේ දැඩි ආරක්ෂකයෙකු වූ ඇය ඉවත් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඇයට ප්‍රශංසා කර ඇති අතර ඇය පෞද්ගලික අංශයේ භූමිකාවකට මාරු වන බව සඳහන් කර තිබෙනවා.
පැම් බොන්ඩිගේ කෙටි නිල කාලය තුළ ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) නඩුවට අදාළ ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය පිළිබඳව දැඩි ආන්දෝලනයක් ඇතිව තිබුණා. පසුගිය මාර්තු මාසයේදී ක්‍රිස්ටි නොයෙම් (Kristi Noem) දේශීය ආරක්ෂක ප්‍රධානියා ලෙස ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව, මෑත සතිවලදී ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් කළ දෙවන ඉහළම නිලධාරියා වන්නේද ඇයයි. පැම් බොන්ඩි වෙනුවට ඇයගේ හිටපු නියෝජ්‍ය නිලධාරියෙකු වන ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) නව නීතිපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව පවතිනවා.
සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොන්ඩි ප්‍රකාශ කළේ නව නීතිපතිවරයා වෙත තම රාජකාරි පැවරීමට වෙහෙස නොබලා කටයුතු කරන බවත්, මෙම ධුරය තමන්ගේ ජීවිතයේ ලැබූ ලොකුම ගෞරවය බවත්ය. එසේම ඇය පෞද්ගලික අංශයට යොමු වුවද ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය වෙනුවෙන් දිගටම පෙනී සිටින බවද පවසා තිබෙනවා.
මේ පුවත තව අයට බලන්න



