gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අභ්‍යවකාශයේ ඉදලා පෘථිවියට කරන්ට් එක එවන්න යන චීනයේ අලුත්ම වැඩේ ගැන ඔබ දන්නවද?

චීනය දැන් සූදානම් වෙන්නේ කිලෝමීටරයක් විතර විශාල දැවැන්ත සූර්ය බලාගාරයක් අභ්‍යවකාශයේ හදන්නයි. මේකේ තියෙන විශේෂත්වය තමයි, පොළොවේ තියෙන සූර්ය පැනල වගේ නෙමෙයි, මේකට වලාකුළු, වැස්ස හෝ රෑ කාලය කියලා බාධාවක් නැහැ. වසරේ දින 365 පුරාම පැය 24ම නොකඩවා හිරු එළිය ලබාගන්න මේ බලාගාරයට පුළුවන්. විද්‍යාඥයෝ කියන විදිහට මේ ක්‍රමය පොළොවේ තියෙන සූර්ය පැනලවලට වඩා 5 ගුණයකින් විතර කාර්යක්ෂමයි.

මේ බලාගාරයෙන් එකතු කරගන්න ශක්තිය මයික්‍රෝවේව් හෝ ලේසර් කිරණ මඟින් රැහැන් රහිතව පෘථිවියට එවන්නයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. මේකේ තියෙන බලශක්ති ප්‍රමාණය කොච්චරද කියනවා නම්, චීන පර්යේෂකයෝ මේක පෘථිවියේ තියෙන මුළු තෙල් සම්පතටම සමාන කරනවා. 

මේ වගේ දැවැන්ත දෙයක් අභ්‍යවකාශයේ ඉදි කරන එක ලොකු අභියෝගයක් වුණත්, 2030 අවුරුද්ද වෙනකොට මෙහි මුල් පරීක්ෂණ පවත්වන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා. මේ වැඩේ සාර්ථක වුණොත්, කිසිම පරිසර දූෂණයකින් තොරව මුළු ලෝකයටම අවශ්‍ය විදුලිය අභ්‍යවකාශයෙන් ලබාගන්න අපිට පුළුවන් වේවි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka