gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අධික වර්ෂාවෙන් හැටන්, නාවලපිටිය යටවේ... නිවාස රැසක්ද යටවේ!

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (21) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් සහ නාවලපිටිය යන ප්‍රදේශවල ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබේ.

පස්වරු පතිත වූ මෙම තද වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ගමනාගමනයට බාධා පැමිණි බව වාර්තා වේ.

හැටන් දික්ඔය ෆොඩයිස් වතුයාය හරහා කාසල්රි ජලාශයට ගලා බසින දික්ඔය ඇල පිටාර ගැලීම හේතුවෙන් එම වතුයායේ පහත්බිම්වල පිහිටි වතු නිවාස 50ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත. මෙහි පදිංචිව සිටි සාමාජිකයන් 100කට අධික පිරිසක් මේ වන විට අවතැන්ව සිටින අතර, වතු අධිකාරිය විසින් ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව, හැටන් ෆෝඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව හැටන් පොලිසිය සඳහන් කරයි.

මේ අතර, නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු තද වැසි හේතුවෙන් නාවලපිටිය නගරය ද ජලයෙන් යට වී තිබේ.

විධිමත් කාණු පද්ධතියක් නොමැතිකම හේතුවෙන් වැසි ජලය බැස නොයෑමෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ සහ නාවලපිටිය - මහනුවර ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යට විය.

මේ හේතුවෙන් ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරු පවසයි
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka