ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සතියක කාලයක් සඳහා පෙට්‍රල් නිකුත් කිරීමේදී පනවා තිබූ ඔත්තේ-ඉරට්ටේ සීමාවන් ඉවත් කෙරේ.
ඒ අනුව ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ QR කේත ක්‍රමය හෝ වාහන අංක තහඩුවේ අග ඉලක්කම අනුව ක්‍රියාත්මක වූ ඔත්තේ-ඉරට්ටේ පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව පෙට්‍රල් ලබාගත හැකිය.
කෙසේ වෙතත්, ඩීසල් බෙදාහැරීමේ කටයුතු සඳහා දැනට පවතින QR ක්‍රමවේදයෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති අතර එය පෙර පරිදිම බලාත්මක වන බව එම සංස්ථාව වැඩිදුරටත් අවධාරණය කරයි.



