සඳ වටා යන ඓතිහාසික ගමන ආරම්භ කළ ආර්ටෙමිස් 2 මෙහෙයුමේ ගගනගාමීන් විසින් ඔරායන් (Orion) අභ්‍යවකාශ යානයේ සිට ලබාගත් පෘථිවියේ පළමු අධි විභේදන ඡායාරූප පෙළ නාසා ආයතනය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ මෙහෙයුම් අණදෙන නිලධාරී රීඩ් වයිස්මන් විසින් ලබාගත් හෙලෝ වර්ල්ඩ් (Hello World) ලෙස නම් කර ඇති ප්‍රධාන ඡායාරූපයේ අත්ලාන්තික් සාගරය පෘථිවි වායුගෝලයේ සිහින් දීප්තිය සහ දෙධ්‍රැවයේ දක්නට ලැබෙන හරිත පැහැති අවුරෝරා (Auroras) ආලෝක ධාරාවන් ඉතා පැහැදිලිව දැකගත හැකිය එම ඡායාරූපයේම දකුණු පස පහළින් සිකුරු ග්‍රහයා ද ඉතා දීප්තිමත්ව දිස්වීම විශේෂත්වයකි.
පසුගිය සිකුරාදා අලුයම ඔරායන් යානය පෘථිවි කක්ෂයෙන් මිදී සඳ බලා යන ගමන ආරම්භ කිරීමෙන් පසු ගගනගාමීන් සිව්දෙනා යානයේ ජනේල අසලට වී මෙම දර්ශන නරඹා තිබේ පෘථිවියේ දහවල් සහ රාත්‍රී කාලය වෙන් කරන රේඛාව හෙවත් ටර්මිනේටර් (Terminator) රේඛාව මෙන්ම රාත්‍රී කාලයේ පෘථිවියේ විදුලි ආලෝකයන් දිස්වන අයුරු ද ඔවුන්ගේ කැමරා ඇසට හසු වී ඇත 1972 වසරේ ඇපලෝ 17 මෙහෙයුමෙන් පසු මිනිසුන් පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගමන් කරන පළමු අවස්ථාව මෙය වන අතර වසර 54 කට පෙර ලබාගත් ඡායාරූප සමඟ සසඳන විට පෘථිවියේ සුන්දරත්වය තවමත් එලෙසම පවතින බව නාසා ආයතනය පවසයි
ගගනගාමීන් අප්‍රේල් 6 වනදා සඳෙහි ඈත පැත්ත (Far side of the Moon) පසු කරමින් නැවත පෘථිවිය බලා පැමිණීමට නියමිත අතර අප්‍රේල් 10 වනදා ඔවුන් යළි පෘථිවියට ළඟා වනු ඇත මෙම මෙහෙයුම ඉදිරියේදී මිනිසුන් නැවතත් සඳ මත පා තැබීම සඳහා සිදු කරන දැවැන්ත පරීක්ෂණ චාරිකාවකි අභ්‍යවකාශයේ සිට පෘථිවිය දෙස බලන විට දැනෙන අත්දැකීම විස්තර කළ නොහැකි තරම් සුන්දර බවත් අපේ නිවස අභ්‍යවකාශයේ සිට ඉතා අලංකාර ලෙස දිස්වන බවත් ගගනගාමීන් පෘථිවි පාලන මැදිරිය වෙත දන්වා තිබේ



