gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඩීසල් 519යි... පෙට‍්‍රල් 418යි... මිල සූත‍්‍රයේ ඉන්ධන පිරිවැය මෙන්න

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම සහ දේශීයව පනවා ඇති බදු හේතුවෙන් මෙරට ඉන්ධන මිල තවදුරටත් සැලකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමට සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ බලශක්ති මර්මස්ථානවලට එල්ල වූ ප්‍රහාර සමඟ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 120-130 සීමාව දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.

මාර්තු මස 10 වනදා පවතින දත්ත විශ්ලේෂණය කරමින් ඔහු පෙන්වා දෙන්නේ පෙට්‍රල් ලීටරයක පිරිවැය පියවා ගැනීමට නම් එහි මිල රුපියල් 100කින් පමණ ඉහළ දැමිය යුතු බවයි. පෙට්‍රල් ලීටරයක් ගොඩබෑමේ පිරිවැය රුපියල් 270ක් වන අතර, ඒ සඳහා රජය රුපියල් 122ක බද්දක් අය කරයි. මෙම බදු අතරට වැට් (VAT) රුපියල් 47ක්, සමාජ ආරක්ෂණ බද්ද (SSCL) රුපියල් 3ක් සහ රුපියල් 72ක තීරුබදු ඇතුළත් වේ. ප්‍රවාහන, ගබඩා කිරීම් සහ බෙදාහරින්නන්ගේ ලාභාංශ එකතු වූ විට පෙට්‍රල් ලීටරයක සැබෑ පිරිවැය රුපියල් 418ක් දක්වා ඉහළ යන නමුත් දැනට එය අලෙවි වන්නේ රුපියල් 317කට බව ඔහු පවසයි.

ඩීසල් මිල සම්බන්ධයෙන් පවතින තත්ත්වය වඩාත් බරපතළ බව ධනනාත් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. ඩීසල් ලීටරයක් ගොඩබෑමේ පිරිවැය රුපියල් 370ක් වන අතර රජයේ බදු රුපියල් 98ක් (වැට් රු. 45, අතිරේක ගාස්තු රු. 3, නිෂ්පාදන බද්ද රු. 50) එකතු වූ පසු එහි සැබෑ පිරිවැය රුපියල් 519ක් පමණ වේ. ඒ අනුව ලෝක වෙළෙඳපොළ මිල ගණන් හා ගලපන්නේ නම් ඩීසල් මිල රුපියල් 216කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ඔහු සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළ දැමීම සාමාන්‍ය ජනතාවට අපහසුතාවක් වුවද, දිගින් දිගටම පාඩුවට ඉන්ධන අලෙවි කිරීමෙන් ආර්ථිකයට ඊට වඩා විශාල බලපෑමක් සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

එබැවින් පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පාවිච්චිය අවම කර විකල්ප වෙත යොමුවීම වැදගත් වන බවද ඔහු සිය විශ්ලේෂණය මගින් පෙන්වා දී ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka