gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නීතිඥයෙකු ඉදිරිපිට ප්‍රකාශයක් ලබාදීමට දුමින්ද සිල්වාට අධිකරණ අවසර!

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'දෙමටගොඩ රුවන්' නැමැත්තාට ඇප ලබාදීම සඳහා අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අධිකරණ අවසරය හිමිවිය. 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඊයේ (20) නියෝග කළේ ලබන 23 වැනිදා පෙරවරු 10:00 ට බන්ධනාගාරය තුළදී මෙම ප්‍රකාශය ලබාගන්නා ලෙසයි.

මීට පෙර මාර්තු 13 වැනිදා ප්‍රකාශයක් ලබාදීමට අවසර ලැබුණද, තම නීතිඥවරයාගේ උපදෙස් නොමැතිව ප්‍රකාශ ලබාදිය නොහැකි බවට දුමින්ද සිල්වා මහතා කළ දැනුම්දීම මත එම කටයුත්ත ප්‍රමුඛ විය. 

ඒ අනුව, සිය නීතිඥවරයා ඉදිරිපිට ප්‍රකාශය ලබාදීමේ අයිතිය තහවුරු කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. නීති විරෝධී ලෙස මුදල් උපයන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ඇප ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගත් බවට සැකපිට රිමාන්ඩ් කර සිටින මොහොමඩ් මොහිදීන් සප්රාස් නවාස් නැමැත්තාට එරෙහි පැමිණිල්ල විභාග වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

සප්රාස් ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කළ අධිකරණය, දුමින්ද සිල්වා සම්බන්ධයෙන් වන ඒකාබද්ධ සාක්ෂි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අල්ලස් කොමිසමට නියෝග කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka