පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ පැවති යුද විරෝධී ප්‍රදර්ශනයක් සහ සමුළුවකට සහභාගී වූ අය අතර ඉරාන තානාපති කාර්යාල නිලධාරීහු ද වූහ.
එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුමේ මානුෂීය, දේශපාලනික සහ ආර්ථික බලපෑම් ඉස්මතු කරමින් එය පැවැත්විණි.
‘ලේ සහ කඳුළු තුළ කතාව’ යන මාතෘකාව යටතේ පැවති මෙම උත්සවය ජාතික නිදහස් පෙරමුණ විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සංවිධානය කර තිබිණි.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා රැස්ව සිටි පිරිස ඇමතූහ.



