පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබා දෙන්නේ චීන නෞකාවලට පමණක් බව වාර්තා වේ.
බීජිං පාලනය විසින් යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය සම්බන්ධයෙන් දැක්වූ ස්ථාවරයට කෘතගුණ සැලකීමක් ලෙස මෙම විශේෂ අවසරය ලබා දීමට ඉරානය තීරණය කර ඇත.
පර්සියානු ගල්ෆ් කලාපයේ වරායන්ට විවෘත මුහුදට පිවිසීමට ඇති ප්‍රධානතම මාර්ගය වන මෙම සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කිරීම හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයන්ට දැනටමත් දැඩි බාධා එල්ල වී තිබේ.
ඉරානයේ ප්‍රභූ හමුදාව වන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරන්නේ තමන් මේ වන විට සමුද්‍ර සන්ධියේ "පූර්ණ පාලනය" නතු කරගෙන ඇති බවයි.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායල ප්‍රහාරවලට එරෙහි ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, අවසරයකින් තොරව සමුද්‍ර සන්ධිය තරණය කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාර මගින් ඉලක්ක කරන බවට ඔවුන් දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.



