gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

LGBTIQ සංචාරක කලාප ප්‍රවර්ධනය නොකිරීමට තීන්දු කලා - රජය අධිකරණයට දන්වයි

ශ්‍රී ලංකාව තුළ LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම හෝ සංවර්ධනය කිරීම සිදු නොකිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ලබා දී ඇතැයි කියන අනුමැතියක නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව අනාවරණය කළේය.

මෙම නඩු විභාගය අතරතුර අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා වූයේ, ශ්‍රී ලංකාව තුළ LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය හා සංවර්ධනය ඉලක්ක කරගත් ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දෙමින් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබූ ලිපිය ද මේ වන විට ඉල්ලා අස්කරගෙන ඇති බවයි.

රජය සහ සංචාරක සංවර්ධන අධිකාරිය ගෙන ඇති මෙම තීරණ සැලකිල්ලට ගනිමින්, අදාළ පෙත්සම ඉදිරියට පවත්වාගෙන නොයෑමටත් එය ඉල්ලා අස්කර ගැනීමටත් පෙත්සම්කරුවන් තීරණය කරන ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka