කිලෝමීටර් 2000ක පරාසයක් පුරා කිලෝ 1500ක දැවැන්ත යුධ ශීර්ෂයක් රැගෙන යාමේ හැකියාව ඇති, ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයකින් ගමන් කරන Khorramshahr-4 බැලිස්ටික් මිසයිලය තම අවි ගබඩාවට සාර්ථකව එක් කරගත් බව ඉරානය නිල වශයෙන් තහවුරු කරයි.
ඉතා ඉහළ තාක්ෂණික දියුණුවකින් යුතු මෙම මිසයිලය, ඕනෑම සතුරු ආරක්ෂක පද්ධතියක් මගහැර ගොස් ඉලක්කය සපුරා ගැනීමට සමත් බව පෙන්වා දෙමින්, එය කලාපීය ආරක්ෂක සමතුලිතතාවය වෙනස් කළ හැකි මාරාන්තික අවියක් ලෙසයි ආරක්ෂක විශේෂඥයින් හඳුන්වා දෙන්නේ.



