gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මන්ත‍්‍රීට සද්දෙන් කතා කලැයි පොලිස් ලොක්කෙක් මාරු කරයි

ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට උස් හඬින් කතා කළැයි චෝදනා පත්‍රයක් සකස් කරමින් යටියන්තොට පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත ස්ථානමාරු කර යවා තිබේ. 

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය (07 වැනිදා) මෙම ස්ථානමාරු කිරීමේ නියෝගය ලබාදී ඇත.

මෙලෙස ස්ථානමාරු කර යවා ඇත්තේ යටියන්තොට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ඩී. කත්‍රිආරච්චි නමැති නිලධාරියාවය.

සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හා අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ දැඩි බලපෑම මත මෙම ස්ථානමාරුව සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසින් යටියන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ඩී. කත්‍රිආරච්චි තමාට උස් හඬින් කතා කරන බවත් තම ඉල්ලීම් නොපිළිගන්නා බවත්ය. ඒ පිළිබඳව ස්ථානාධිපතිවරයා සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව එම සිදුවීම මූලික කරගනිමින් තවත් චෝදනා මාලාවක් සහිත වාර්තාවක් සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී චමිල් ක්‍රිෂාන්ත රත්නායක විසින් sw/s/05/15/2026 අංක දරන ලිපිය පසුගිය පෙබරවාරි 18 වැනිදා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කෑගලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා ඇත. එමගින් මෙම නිලධාරියාව ස්ථාන මාරු කර යවන ලෙසද නිර්දේශ කර ඇත.

මෙම නිලධාරියා සම්බන්ධයෙන් වන එකඳු චෝදනාවකට හෝ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කිසිඳු නිදහසට කරුණු විමසීමක් හෝ විමර්ශනයක් නොකොට අදාළ ස්ථාන මාරුකිරීමේ ඉල්ලීම කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. එය අනීතික ක්‍රියාවක් බවද එම ආරංචිමාර්ග කියා සිටියි.

අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසින් දුරකථන මගින් ලබාදෙන අනීතික නියෝග ගණනට නොගැනීම හා එවන් නියෝගවලදී උස් හඬින් කතා කිරීම මෙම ස්ථානමාරුව ලබාදීමට ආසන්නම හේතුව වී ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටියි.

දේශපාලන උවමනාවන් මත පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් ස්ථාන මාරුකර යැවීම වැරැදි සහගත ක්‍රියාකලාපයක් බව යටියන්තොට පොලිසියේ නිලධාරීහු සඳහන් කරති.

එෆ්. අස්ලම්
ගයාත්‍රී ගීගනආරච්චි
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka