ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟ, බස් ගාස්තු ද ඉහළ නැංවිය යුතු බව පවසමින් පෞද්ගලික බස් රථ හිමියන් අද (10) දින හදිසි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.
ඩීසල් මිල සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ යාම හේතුවෙන් බස් රථ ධාවනය කිරීමේ පිරිවැය අධික වී ඇති බවත්, ඉන්ධන මිලට සමගාමීව බස් රථ අමතර කොටස්වල මිල ද ඉහළ යන බැවින් ගාස්තු සංශෝධනයක් අත්‍යවශ්‍ය බවත් බස් සංගම් පෙන්වා දෙයි.
පවත්නා තත්ත්වය හමුවේ බස් කර්මාන්තය පවත්වාගෙන යාමට නම් ගාස්තු ඉහළ නැංවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
මේ අතර, ඉන්ධන මිල ඉහළ යාම තමන්ට ද දැඩි ලෙස බලපා ඇති බව පවසන සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගම් ද සඳහන් කරන්නේ, ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පැය කිහිපය ඇතුළත අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.



