gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් පොඩි ලැසී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිවයිනට රැගෙන එයි!

ඉන්දියාවේ මුම්බායි නුවරදී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් අද (27) උදෑසන කටුනායක ගුවන් තොටුපළ හරහා දිවයිනට රැගෙන එනු ලැබීය. 

2024 දෙසැම්බර් මාසයේදී ඇප මත මුදා හැරීමෙන් පසු අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් මෙරටින් පලා ගොස් සිටි මොහු, 2025 ජනවාරි 16 වන දින ඉන්දීය ආරක්ෂක අංශ භාරයට පත්වූ අතර එහිදී පැවති නීතිමය ක්‍රියාදාමයන් අවසන් වීමෙන් පසු මෙලෙස ශ්‍රී ලංකාවට භාර දීමට කටයුතු කර තිබේ.

මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී ඇති පොඩි ලැසී, මීට පෙර බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී හිටපු ජනාධිපතිවරයෙකුට සහ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන්ට මරණ තර්ජනය කිරීමේ සිද්ධියකට ද සම්බන්ධ වූවෙකි. දිවයිනට රැගෙන ආ සැකකරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින අතර, ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අත්අඩංගුවට ගැනීම මෙරට පාතාල මර්දන වැඩපිළිවෙළේ තීරණාත්මක ජයග්‍රහණයක් ලෙස ආරක්ෂක අංශ සලකනු ලබයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka