gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වාහන ආනයන වියදම් වැඩි වී වෙළඳ හිඟය ඉහළට!

ගිය වසරේ (2025 ) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2047 ක රථ වාහන මෙරටට ආනයන කර ඇත.

පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන සඳහා වැය වූ මුළු ආනයන වියදම ලෙස මෙය වාර්තා වේ.

එසේම වාහන ආනයනය සඳහා වූ මුළු වියදම 2025 වසරේ දෙසැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 301 ක් වී ඇත.

ගිය වසරේ (2025 ) දී මෙතෙක් වාර්ෂිකව වාර්තා වූ ඉහළම අපනයන ආදායම වාර්තා වුවද, 2024 වසරට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9 ක් දක්වා පුළුල් වී ඇත. 

මේ සදහා ගිය වසරේ (2025) දී වාහන ආනයන වියදම් වර්ධනය වීම ද හේතු වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka