සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙකුට පහරදීමේ චෝදනාව මත වැල්ලවත්ත පොලිසිය මගින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහු මෙලෙස මුදා හැර ඇති අතර, සිද්ධියට අදාළ නඩුව යළි කැඳවීමට නියමිතය.
පසුගිය ජනවාරි මස 08 වැනිදා සිදුවූ බව කියන මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය, සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම ඇප නියෝගය ලබා දී ඇත.



