gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පැන්ෂන් කප්පාදුවෙන් හිටපු මන්ත්‍රී බිරින්දෑවරු සහ වැන්දඹුවෝ මහ පාරට!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරුන්, ඔවුන්ගේ කලත්‍රයන් සහ යැපෙන්නන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටිති. 

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම්, හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පෙන්වා දෙන පරිදි, මෙම කප්පාදුව හේතුවෙන් හිටපු මන්ත්‍රීවරුන් 300කට අධික පිරිසකට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 200කට ආසන්න පිරිසකට සිය ජීවනෝපාය මාර්ග අහිමි වී ඇත. 

මේ අතරට කිසිදු ආදායම් මාර්ගයක් නොමැති වැන්දඹුවන් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ද අයත් වන අතර, ඔවුන් මේ වන විට අතිශය අසරණ තත්ත්වයකට පත්ව ඇති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

රජයේ මෙම තීරණයට දැඩි විරෝධය පළ කරමින්, වත්මන් ආණ්ඩුවට එරෙහිව බලපෑම් සහගත ක්‍රියාමාර්ග ගැනීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව තීරණය කර තිබේ. ඒ අනුව, ආණ්ඩුවට එරෙහිව දේව කන්නලව් කරමින් පොල් ගැසීමේ විශේෂ විරෝධතා වැඩසටහන් මාලාවක් ලබන සතියේදී මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. 

බහුතරයක් හිටපු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හා සහයෝගය සහිතව, මෙම විරෝධතා ව්‍යාපාරය ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද මානගේ මහතා ප්‍රකාශ කර තිබේ. 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka