හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසකට එරෙහිව ගම්පහ මහාධිකරණය විසින් අධි චෝදනා භාර දී තිබේ.
ඒ අනුව දැනට මහාධිකරණ ඇප මත නිදහස්ව සිටින හිටපු ඇමතිවරුන් දෙපළ ඇතුළු විත්තිකරුවන්ට අද එම චෝදනාවන්ට අදාළව අධි චෝදනා භාරදීම සිදුවිය.
හිටපු අමාත්‍යවරුන්ට අමතරව මෙලෙස අධි චෝදනා භාර දී ඇති සෙසු විත්තිකරුවන් වනුයේ සරත් එදිරිසිංහ, අජිත් මිල්රෝයි, ජයන්ත කබ්බ්‍රාල්, නවීන් වීරකෝන් යන අයවලුන්ය.
මෙහිදී සියලු විත්තිකරුවන් ඇප මත මුදා හැරි ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය නඩුව නැවත මාර්තු මස 27 වැනි දින දක්වා කල් තැබීමටද නියෝග කළාය.
මේ පුවත තව අයට බලන්න



