2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (28) පාකිස්ථානය සමඟ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත්, කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්ව ඇති බැවින් මෙම තරගයට ක්‍රීඩා කිරීමේ අවදානමක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
ඔහු වෙනුවට කාමිල් මිශාර කණ්ඩායමට කැඳවීමට නියමිත අතර, දුශාන් හේමන්ත වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ ද කණ්ඩායමට එක් වනු ඇතැයි වාර්තා වේ.



