gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගනේමුල්ල සංජීව ඝාතන සැලසුමට ආධාර දුන් බවට සැක නීතිඥවරිය තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර!

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින සැකකාර නීතිඥවරියට තවත් දින 90ක රැඳවුම් නියෝග ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 

පසුගිය වසරේ ඔක්තෝබර් 31 වනදා ලබාගත් ප්‍රථම රැඳවුම් නියෝගයේ කාලය අවසන් වීම හේතුවෙන් මෙලෙස දෙවන වරටත් රැඳවුම් නියෝග ලබාගැනීමට රහස් පොලිසිය පියවර ගෙන තිබේ.

මෙම ඝාතන සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගම්පහ පොලිසියේ පොලිස් පරීක්ෂක උදිත් උදයශාන්ත යන අය ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය. මීට අමතරව, සැකකාර නීතිඥවරියට අයත් බවට පවසමින් අත්අඩංගුවට ගත් මෝටර් රථයක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, ඒ පිළිබඳ වැඩිදුර වාර්තා ලබන 19 වනදා ඉදිරිපත් කරන ලෙස ද රහස් පොලිසියට නියම කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka