gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

BREAKING NEWS : නිපා වෛරසය හේතුවෙන් ආසියාවේ ගුවන් තොටුපළවල් දැඩි සෝදිසියක!

🔴 - ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් ඇරඹි නිපා වෛරස ව්‍යාප්තියට මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.

🔴 - වෛරසයේ ඉතිහාසය, රෝග ලක්ෂණ සහ ආරක්ෂා වන ආකාරය පිළිබඳව ඔබ දැනගත යුතුම කරුණු මෙන්න. 👇

🔰 - ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් දැනට නිපා වෛරසය ආසාදිත රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වන අතර, තවත් 200කට ආසන්න පිරිසක් මේ වන විට නිරීක්ෂණය යටතේ (Quarantine) පසුවනවා.

🔰 - මීට පෙර කේරළ ප්‍රාන්තයේ සහ බංග්ලාදේශයේ ඇති වූ ව්‍යාප්තීන්වලදී ද සිය ගණනක් ජීවිත අහිමි වුණා.

🔰 - මෙම වෛරසය අනෙකුත් වෛරසවලට වඩා භයානක වන්නේ එහි ඇති ඉහළ මරණ අනුපාතය නිසයි.

🔰 - 1998 වසරේ සිට මේ දක්වා ලොව පුරා නිපා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 700කට අධික සංඛ්‍යාවක් නිල වශයෙන් වාර්තා වී ඇති අතර ඉන් 400කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

🔰 - සාමාන්‍යයෙන් ආසාදිතයන්ගෙන් 40% සිට 75% දක්වා ප්‍රමාණයක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශ කර තිබෙනවා.

🔰 - නිපා වෛරසය මුලින්ම හඳුනාගත්තේ 📜 මැලේසියාවේ "සුන්ගායි නිපා" නම් ගම්මානයෙන්.

🔰 - ඒ (1998-1999) කාලයේදීයි

🔰 - එම වකවානුවේදී ප්‍රධාන වශයෙන් ඌරන් හරහා මිනිසුන්ට රෝගය බෝ වුණා.

🔰 - එහිදී රෝගීන් 265ක් වාර්තා වූ අතර ඉන් 105ක් මියගියා.

🔰 - 2001 සිට බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ වරින් වර මෙහි ව්‍යාප්තීන් වාර්තා වුණා.

🔰 - බංග්ලාදේශයේ පමණක් පසුගිය වසර 20ක කාලය තුළ 240කට වැඩි පිරිසක් මෙම වෛරසය හේතුවෙන් මියගොස් තිබෙනවා.

🔰 - පලතුරු වවුලන් (Fruit bats) සපා කෑ පලතුරු හෝ ඔවුන්ගේ දේහ තරල (මුත්‍රා/කෙළ) මිශ්‍ර වූ ආහාර මගින් සහ ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට නිපා වෛරසය සෘජුවම බෝ විය හැකියි.

🔰 - උණ, හිසරදය, හුස්ම ගැනීමේ අපහසුව සහ දැඩි නිදිමත ගතිය මෙහි රෝග ලක්ෂණ වන අතර දරුණු අවස්ථාවලදී ආසාදිතයගේ මොළයේ ඉදිමීම (Brain inflammation) නිසා රෝගියා සිහිමුර්ජා (Coma) විය හැකියි.

🔰 - වර්තමානයේ සීග්‍රයෙන් ඉහල යන නිපා ආසාදිතයන් හේතුවෙන් තායිලන්තය, නේපාලය සහ තායිවානය වැනි රටවල් 🌍මේ වන විට ගුවන් තොටුපළවල විශේෂ සෞඛ්‍ය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

🔴 - නිපා වෛරසයෙන් 🛡️ ආරක්ෂා වීමට ඔබ කල යුතු දේ 👇

🔰 - සතුන් (විශේෂයෙන් වවුලන්) සපා කෑ පලතුරු කිසිසේත් අනුභව නොකරන්න.

🔰 - පලතුරු හොඳින් සෝදා ලෙලි හැර අනුභව කරන්න.

🔰 - අසනීප වූ පුද්ගලයින් හෝ සතුන් ඇසුරු කිරීමේදී ආරක්ෂිත ක්‍රම (Mask/Gloves) භාවිතා කරන්න.

🔴 - මේ පිලිබදව අනවශ්‍ය ලෙස බිය විය යුතු නැති අතර මේ දරුණු වෛරසය ගැන ඔබත් දැනුවත් වී ඔබේ හිතවතුන් ද දැනුවත් කරන්න.

🔴- අපි සැමවිටම පරිස්සමෙන් ඉමු! ❤️🩹
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka