gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අප්‍රිකාවේ යුද කලාපයේ සිටි එක්සත් ජාතීන්ගේ නිලධාරීන් දෙදෙනකුගේ දිවි ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් බේරා ගනියි

මධ්‍යම අප්‍රි­කානු ජන­ර­ජයේ අති­ශය අස්ථා­වර සහ අන­තු­රු­දා­යක යුද කලා­ප­යක සිටි, තුවාල ලැබූ එක්සත් ජාතීන්ගේ නිල­ධා­රීන් දෙදෙ­නකු මුදා­ගෙන ඔවුන්ගේ ජීවිත බේරා­ගැ­නීමේ (CASEVAC) විශේෂ මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කිරී­මට ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒක­කය සමත්ව තිබේ.

සාම­සා­ධක රාජ­කාරි කට­යු­තු­වල නිරත ශ්‍රී ලංකා ගුවන් හමු­දාව එම මෙහෙ­යුම සාර්ථ­කව සිදු­කර තිබෙන අතර මධ්‍යම අප්‍රි­කානු ජන­ර­ජයේ සෙමියෝ (Zemio) ප්‍රදේ­ශයේ පැවැති සන්නද්ධ ගැටුම් අත­ර­තුර එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩ­ලයේ දෙදෙ­නකු බර­ප­තළ තුවාල ලබා ඇති බවට ලද හදිසි පණි­වි­ඩ­යක් සමඟ මෙම මෙහෙ­යුම ආරම්භ කර තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පව­සයි.

වහා ක්‍රියා­ත්මක වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩා­යම Mi-17 (UNO 325P) වර්ගයේ හෙලි­කො­ප්ටර් යාන­යක් ඒ සඳහා යොමු­කර තිබෙන අතර විංග් කොමා­න්ඩර් නෙල්සන් ද සිල්වා මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් සහ ෆ්ලයිට් ලෙෆ්ටි­නන්ට් අරු­ණෝද ඒක­නා­යක මහ­තාගේ සහාය නිය­මු­ව­රයා ලෙසින් ක්‍රියා­ත්මක වූ මෙම මෙහෙ­යු­මට තවත් නිල­ධා­රීන් සහ ගුවන් වෛද්‍ය කණ්ඩා­ය­මක් ඇතු­ළත්ව තිබේ.

මුදා­ගැ­නීමේ ස්ථානය සෙමියෝ මෙහෙ­යුම් මධ්‍ය­ස්ථා­නයේ සිට කිලෝ­මී­ටර් 20ක් ඊසාන දෙසින් පිහිටා තිබූ අතර, එහි දී ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට අභි­යෝග රැස­කට මුහුණ දීමට සිදුව ඇත. ගෲප් කැප්ටන් සුජිත් පෙරේරා මහතා ඇතුළු ගුවන් වෛද්‍ය කණ්ඩා­යම යානය තුළ­දීම තුවා­ල­ක­රු­වන්ට අවශ්‍ය හදිසි ප්‍රති­කාර ලබා දී ඇති බව වාර්තා වෙයි.

පැය­කුත් විනාඩි 45ක කාල­යක් පුරා ක්‍රියා­ත්මක වූ මෙම මෙහෙ­යුම අව­සා­නයේ, තුවාල ලැබූ නිල­ධා­රීන් දෙදෙනා වැඩි­දුර ප්‍රති­කාර සඳහා බංගුයි අග­නු­වර වෙත ආර­ක්ෂි­තව රැගෙන ඒමට ද ශ්‍රී ලංකා ගුවන් හමු­දාව සමත්ව තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka