gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඕස්ට්‍රේලියානු වෙඩි තැබීමෙන් මිය ගිය ගණන තවත් ඉහල යයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි බොන්ඩායි වෙරළ තීරය ආශ්‍රිතව පැවැති යුදෙව් ජාතිකයන්ගේ සැමරුම් උත්සවයකට ඊයේ (14) එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතර වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙකු ද සිටින බව සඳහන් වේ.

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ඊයේ (14) සිදුවූ වෙඩිතැබීම් මාලාවට අදාළව කරුණු රැසක් හෙළිකර ගැනීමට නිව් සවුත් වේල්ස් පොලීසිය සමත්ව තිබේ.

ඒ අනුව අදාළ වෙඩික්කරුවන් දෙදෙනා එකම පවුලේ පියා – පුතු වන බවට ද අනාවරණය කර ගෙන ඇත.

එහිදී එක් වෙඩික්කරුවෙකු මිය ගිය අතර එලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පියා වන අතර පුත්‍රයා වන 24 හැවිරිදි තරුණයා මේ වන විට බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද සඳහන් වේ.

අදාළ උත්සවයට දහසකට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර වෙඩික්කකරුවන් ඔවුන් ඉලක්ක කර සමූහ වෙඩි තැබීමක් සිදු කර තිබිණි. 

එම අවස්ථාවේ එහි සිටි සිවිල් පුද්ගලයකු විසින් එක් වෙඩික්කරුවකුගේ ගිනිඅවිය උදුරාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය වෙඩික්කරුට අයත් වාහනයක තිබී පසුව පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන ඇත.

මෙම වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් බවට නිව් සවුත්වේල්ස් පොලිසිය ඊයේ (14) පස්වරුවේ නිල වශයෙන් ප්‍රකාශ කළේය. තවද මෙය යුදෙව් විරෝධි කියාවක් බව ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා සඳහන් කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka