දිටාවා සුලි කුණාටුවත් සමග නුවරඑලිය ප්‍රදේශයට සිදු වී ආපදාව හේතුවෙන් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සහ ගොඩනැලිගි අලුත්වැඩියා කටයුතු සදහා වැලි අත්‍යාවශ්‍යව තිබියදී මහියංගණයේ සිට වලපනේ හරහා නීතියානුකූලව වැලි ප්‍රවාහණය කිරිමට නුවරඑලිය කොට්ඨාශභාර පොලිස් අධිකාරිවරයා ඉඩ ලබා නොදෙන බව නුවරඑලිය වැලි ප්‍රවාහණය කරනනන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ගීගනගේ මහතා චෝදනා කර සිටියි.
(14) දින වැලි ප්‍රවාහනය කිරිම සදහා පතල් හා භූ විද්‍යා කාර්යාංශයෙන් නිකුත් කල බලපත්‍රයක් අනුව මහියංගණයේ සිට කන්දකැටිය වලපනේ හරහා නුවරඑලියට වැලි ප්‍රවාහනය කිරිමට අවසර ලබා දී තිබූ බවත්, ඒ අනුව වැලි ප්‍රවාහනය කිරිමට තිබු ටිපර් රථ 5ක් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගයක් මත කන්දේකැටිය පොලිස් මුරපොළ අසළ ටිපර් රථ 5 නතර කර තිබෙන බවයි දිනේෂ් ගීගනගේ මහතා කියා සිටියේ.
තමන් මේ පිලිබදව නුවරඑලිය මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරවරයාගෙන් සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරියගෙන් කරුණු විමසු බවත්, එවිට ඔවුන් දෙදෙනාම නුවරඑලිය වැලි අත්‍යාවශ්‍ය බවත්, වැලි ප්‍රවාහනය කිරිමට එම මාර්ගයේ කිසිදු තහනමක් ගෙන නොමැති බව එම නිළධාරින් දෙදෙන පැවසු බවද දිනේෂ් ගිගනගේ මහතා කියා සිටියහ.
ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් කල විමසුමකට තමන් එම මාර්ගයේ වැලි සහ මත්පැන් ප්‍රවාහනයට ඉඩ ලබා නොදෙන බව පැවසු බවද දිනේෂ් ගීගනගේ මහතා කියා සිටියි.
රජයේ උසස් නිළධාරින්ගේ නියෝගවලට එපිටින් ගොස් නුවරඑලිය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා රජය අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් මෙම නියෝගය කන්දකැටිය පොලිස් මුර පොළට ලබා දී ඇති බවයි දිනේෂ් ගීගනගේ මහතා කියා සිටියේ.
අප මේ සම්බන්ධයෙන් නුවඑලිය කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රෙස්කර බණ්ඩාර මහතාගෙන් (14) දින කල විමසුමකට ඔහු කියා සිටියේ උදෑසන ටිපර් රථ කිහිපයක් නතර කර තිබු බවත්, එම ටිපර් රථ නුවරඑලිය දක්වා ප්‍රවාහනය කිරිමට කටයුතු කරන ලෙස කනද්කැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කල බවය.
රංජිත් රාජපක්ෂ



