දිට්වා සුලි කුණාටුවත් සමග තම නිවසට පිවිසෙන මාර්ගය නාය ගිය බවත්, නාය ගිය දින සිට නිවසෙන් පිටතට ඒමට සිදු වී ඇත්තේ ඉනි මගක් උපයෝගි කරගෙන බව ශ්‍රී ලංකා යුධ හමුදාවේ 15 වන සිංහ රෙජිමේන්තුවේ සේවය කල දැනට විශ්‍රාම සුවයෙන් පසුවන නානුඔය බෙන්ඩිකෝනර් රුවන්එලිය ප්‍රදේශයේ පදිංචි සැරයන් මේජර් එන්.ජී. මුහන්දිරම් මහතා කියා සිටියි.
නුවරඑලිය ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග ඉකුත් මස (27) දින තම නිවසට පිවිසෙන මාර්ගය නිවස අසලින්ම නාය ගිය බවත්, එම නායයැමත් සමග තම පවුලේ සාමාජිකයන් 05 දෙනෙකු ඇතුලු එම ගම්මානයට පිවිසෙන පවුල් ගණනාවක් අවතැන් කදවුරුවල සිටිමෙන් පසු නැවතත්, තමන් පදිංචිව සිටි නිවෙස්වලට පැමිණ වාසය කරන බවයි.
තමන් ශ්‍රී ලංකි යුධ හමුදාවේ 03 සිංහ රෙජිමේන්තුවෙන් සේවය කර පසුව 15 වන සිංහ රෙජිමේන්තුවට එක්ව සේවය කරමින් සිටියදී 2003 වසරේ ඕමන්තේ ඉදිරි ආරක්ෂිත වළල්ලේ ඉදිරි ආරක්ෂක රාජකාරි කරමින් සිටයදී බිම් බෝම්බයකට හසු වි තමන්ගේ වම් පාදය ඉවත් කර ඇති බවයි.
තම එක කුස උපන් සහෝදරයා ඇතුලු පවුලේ 07 දෙනෙකු යුධ හමුදාවේ සේවය කර යුද්ධයෙන් මිය ගිය බවත්, දැනට පවුලේ ජීවත්ව සිටින්නේ තමන් ඇතුලු සාමාජිකයන් 05 දෙනෙකු බවත්, තමන් ආබාධිත නිසා ගමන් බිමන් යැමට අපහසු බවත්, ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිළධාරින් පැමිණතම නිවසට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමට හැකිද යන්න පිලිබද වාර්ථාවක් රජය වෙත ඉිදිරපත් කර එම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි විශ්‍රාමික සැරයන් මේජර්වරයා ඉල්ලා සිටින්නේ.
රංජිත් රාජපක්ෂ



