gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

නකල්ස් රක්ෂිතයෙන් පාරවල් නොදීමට රජය තීරණය කරලා!

ලෝක උරුම නකල්ස් රක්ෂිත වනාන්තරය හරහා නව මාර්ගයක් හෝ තිබූ පැරණි මාර්ගයක් අලුත්වැඩියා කිරීමට කිසිදු අවසරයක් නොදීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. 

ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු සියලු වගකිව යුතු ආයතන සමඟ සිදු කළ සාකච්ඡාවලින් පසු එවැනි මාර්ගයක් භාවිත කිරීමට කෙටි කාලයකට හෝ අවසර දීමේ අවදානම සහ එම සංවේදි පරිසර පද්ධතියට සිදු වන හානිය සලකමින් මේ තීරණය ගත් බව පරිසර ඇමැති දම්මික පටබැඳි මහතා මාධ්‍යට පවසා ඇත. 

මීමුරේ සහ කයිකාවල ගම්මානවලට හුන්නස්ගිරියේ සිට ප්‍රවේශ වන මාර්ගය නායයෑම් නිසා එය සම්පූර්ණයෙන් වසා දැමිණි.

එම මාර්ගය නැවත විවෘත කිරීම සඳහා විවිධ පාර්ශ්ව සිදු කළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු එය තාවකාලිකව විවෘත කිරීමේ තීරණයක් ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉන් පසු අත්‍යවශ්‍ය ආහාර සහ රෝගීන් ප්‍රවාහනයට පමණක් අවසර දීමට තීරණය කෙරුණු අතර, නායගිය මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ගෙනයෑමටද පාර්ශ්ව කිහිපයකින් අවසර ඉල්ලා තිබිණි. 

කෙසේ වෙතත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබුණේ මෙසේ භාවිත කිරීමට උත්සාහ කරන පැරණි මාර්ගය එවැනි කටයුතු සඳහා යොදාගන්නේ නම් ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි.

එසේ කළ හොත් එය නකල්ස් සංවේදී පරිසර පද්ධතියට බරපතළ හානියක් සිදුකරන බව ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබිණි.

කෙසේවුවද, මීට පෙර පරිසර යුක්ති කේන්ද්‍රය විසින් යුනෙස්කෝ ලෝක උරුම අඩවිය (නකල්ස් සංරක්ෂණ වනාන්තරය) තුළ නීති විරෝධීව සිදු කෙරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය නතර කිරීමට මැදිහත්වන ලෙස ඉල්ලා  යුනෙස්කෝ – ශ්‍රී ලංකා ජාතික කොමිසමට ලිපියක් ද යොමුකර තිබිණි.

මූලාශ්‍රය – සිළුමිණ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka