gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ලේ බැංකුවේ නොසැලකිල්ලෙන් මල් කැකුළු 6කට HIV ආසාදනය වෙලා!

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සත්නාදිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වලින් රුධිරය ලබාගත් රෝගී දරුවන් හය දෙනෙකුට ඒඩ්ස් හෙවත් HIV වෛරසය ආසාදනය වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා. 

මෙම දරුවන් තැලසීමියා රෝගයෙන් පෙළෙන අතර, ඔවුන්ගේ ජීවිත පවත්වාගෙන යාම සඳහා නිතිපතා රුධිරය ලබා දිය යුතුයි. 

මෙම දරුවන්ට රුධිර බැංකුතුනකින් (3) ලබාගත් රුධිර ඒකක189ක්ලබා දී තිබූ අතර මෙම රුධිර ඒකක ලබා ගැනීම සඳහා රුධිර දායකයින් 150කට වැඩිපිරිසක් සම්බන්ධ වී ඇති අතර එම පිරිස අතරින් වෛරසය ව්‍යාප්ත වී ඇති බවටයි සැක කෙරෙයි. 

ඉන්දියාවේ රුධිර බැංකුවල තවමත් භාවිතා කරන්නේ”ELISA” නමැති පැරණි (තෙවන පරම්පරාවේ) පරීක්ෂණ ක්‍රමවේදයක් වන අතර මෙහි ඇති ප්‍රධාන දුර්වලතාවය වන්නේ වෛරසය ශරීරගත වීදින 90ක් (Window period) යනතුරු එය හඳුනාගත නොහැකි වීමයි. 

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා රුධිර බැංකු භාරකරුවෙකු සහ විද්‍යාගාර තාක්ෂණ ශිල්පීන්දෙදෙනෙකු (2) වැඩ තහනමට ලක් කර ඇති අතර, හිටපු සිවිල් ශල්‍ය වෛද්‍යවරයාගෙන් කරුණු විමසා තිබෙනවා. 

ඉන්දියාවේ සෑම වසරකම දරුවන් 12,000ක්පමණ මෙවැනි තලසීමියා රෝගය සහිතව උපත ලබන අතර, ඔවුන්ට ජීවිත කාලය පුරාම නිතිපතා රුධිරය ලබා ගැනීමට සිදු වනවා. 

මෙම සිදුවීමත් සමග ඉන්දියාවේ රුධිර පරීක්ෂණ පද්ධතියේ පවතින දුර්වලතා සහ පරිපාලනමය බිඳවැටීම් පිළිබඳව දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka