gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගාළු මුවදොරට විශේෂ මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්

උත්සව සමය නිමිත්තෙන් ගාලු මුවදොර පරිශ්‍රයට පැමිණෙන ජනතාවගේ පහසුව සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අද (21) සිට ගාලු මුවදොර පරිශ්‍රයේ විශේෂ “මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්” ස්ථාපිත කර තිබේ.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ උපදෙස් මත මෙම මධ්‍යස්ථානය පිහිටුවන බව වාර්තා වේ.

ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය හරහා මහජනතාවට අවශ්‍ය සහය කඩිනමින් ලබාදීම සඳහා පූර්ණ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනු ඇත.

මෙම මහජන සහාය සේවා මධ්‍යස්ථානය මහජනතාවට අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන අතර, හදිසි අවස්ථාවකදී හෝ අනපේක්‍ෂිත සිදුවීමකදී කඩිනම් සහාය ලබාදීමටත්, සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමටත් ස්ථාපිත කර තිබේ.

ගාලු මුවදොර ප්‍රදේශයේ මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම, පවතින තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් වීම සහ ඕනෑම හදිසි අවස්ථාවකට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම මෙහි මූලික අරමුණ වේ.

ආරක්‍ෂක සහ සම්බන්ධීකරණ කටයුතුවලට අමතරව, හදිසි වෛද්‍ය අවශ්‍යතා සහ ප්‍රථමාධාර සැපයීම සඳහා ගිලන් රථ සේවාවන් සහ වෛද්‍ය සහාය ද එම පරිශ්‍රයේ සලසා ඇත. 

මහජනතාවගේ පහසුව සඳහා හදිසි සම්බන්ධීකරණ, ගිලන් රථ සේවා සහ පොලිස් සහාය ලබාගැනීමට 0718595880 දුරකථන අංකය භාවිත කළ හැකිය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka