gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කල පුද්ගලයෙකු අත්අඩංගුවට

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කල පුද්ගලයෙකු අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ සීදූව අනුපාලක ස්ථානයේ නිලධාරීන් විසින් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අධිවේගී මාර්ගයේ ජංගම සංචාර රාජකාරී නිලධාරීන්ට 19වන කිලෝමීටර කණුව ආසන්නයේ දී, කොළඹ දෙස සිට කටුනායක දෙසට ධාවනය වූ මගීන් පිරිසක් රැගත් වෑන් රථයක රියදුරෙකු විසින් අපද්‍රව්‍ය සහිත බෑගයක් අධිවේගී මාර්ගයට බැහැර කිරීමක් නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව එම නිලධාරීන් විසින් වහාම සීදූව අනුපාලක ස්ථානය දැනුම්වත් කර තිබේ.

එහිදී එම ස්ථානයේ රාජකාරී නිලධාරීන් විසින් මංමාවත් පනත යටතේ මාර්ගයට කුණුකසල බැහැර කිරිමේ චෝදනාව යටතේ අදාළ රියදුරු අත්අඩංගුවට ගෙන සීදූව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් වන යාපනය අල්වායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

සැකකරු අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka