gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

රන්වල ජාතික රෝහලට!

ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කතානායක අශෝක සපුමල් රන්වල මහතා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වේ. 

ඊයේ (11) රාත්‍රියේ සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේදී සිදුවූ මාර්ග අනතුරකින් තුවාල ලැබීමෙන් පසු ඒ මහතා මූලිකව කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඔහු දැනට එම රෝහලේ 72 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මෙම අනතුර සිදුව ඇත්තේ මන්ත්‍රීවරයා විසින් පදවනු ලැබූ ජීප් රථය ගල් වල හන්දියේ සිට පවර් හවුස් දෙසට දිවෙන මාර්ගයේ දෙනිමුල්ල හන්දිය ආසන්නයේදී ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක පිටුපස ගැටීමෙනි. 

පොලිසිය සඳහන් කරන්නේ එම ගැටීමෙන් පසු රන්වල මහතා ජීප් රථය පාරේ දකුණු පසට හැරවීමට උත්සාහ කිරීමේදී එය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී ඇති බවයි.

මෙම සිදුවීමෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු සහ මාස හයක කුඩා දැරියක තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ. 

සපුගස්කන්ද පොලීසිය විසින් මෙම මාර්ග අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka