gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහනුවර 300 ඉක්මවු මහ වැසි.. හුන්නස්ගිරියේ නායයයි.. මහවැලිය ගංවතුර තත්වයක...

ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ කඳුකරයේ නැගෙනහිර ප්‍රදේශයන්ට දැඩි වර්ෂාවක් ඇදහැලෙමින් තිබේ. ඇතැම් ස්ථාන වලට ස්ථාන කිහිපයකටම මිලිමීටර් 300 ඉක්මවු වැසි වාර්තා වී ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ ඇදහැලෙන මෙම දැඩි වැසි හේතුවෙන් උඩුදුම්බර හුන්නස්ගිරිය ප්‍රදේශයේ නායාමක් සිදුවී ඇත.

ඒ හේතුවෙන් නිවාස දෙකක් නාය ගොස් පුද්ගලයන් කිහිපදෙනකු තුවාල ලබා තිබේ.

ඒ ආසන්නයේ සිටි තවත් පුද්ගලයන් අනූ දෙනෙකු පමණ ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත ඉවත් කටයුතු කර ඇත.

පවතින තත්ත්වය මත මහනුවර මහියංගන මාර්ගය භාවිතා කිරීම හැකි තාක් සීමා කරන ලෙස ආපදා කළමනාකරන අංශ ඉල්ලා සිටියි.

 ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන්, ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතී. 

එම අවදානම කින්නියා, මුතුර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් ප්‍රදේශවල විශේෂයෙන්ම පවතී. 

තවද මඩකලපුව - පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද,  සෝමාවතී රාජමහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශයද ගංවතුරින් යටවීමේ අවදානමක්ද පවතී. 

එබැවින්, ඉදිරි දින කිහිපය පසුවනතෙක් සෝමාවතී රාජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ද, එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව වාසය කරන මහජනතාවගෙන් ඒ සම්බන්ධයෙන් දැඩිවිමසිල්ලෙන් පසු වන ලෙසත්, ඇති විය හැකි ගංවතුර තත්ත්වයකින් ආරකෂාවීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ. 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka