gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

තවත් සන්නිවේදන කුලුනු 1248ක් අක්‍රීයයි… දින 03ක් යනවිට සන්නිවේදන පද්ධතියම යථාවත් කරනවාලු

පළාත් අතර සම්බන්ධතා ඇති කරන ෆයිබර් සන්නිවේදන සම්බන්ධතා ජාලය දිට්වා සුළි කුණාටුව නිසා ස්ථාන 11කින් හානි සිදුවී තිබුණු බවත් පැය 24ක් ගතවීමට පෙර ඉන් ස්ථාන 09ක් පිළිසකර කළ බවත් ඩිජිටල් තාක්ෂණය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පැහැදිලි කළේය. මේ වනවිට සියලුම පළාත්වලට විදුලි සන්නිවේදන පහසුකම් අඩු වැඩි වශයෙන් යාවත්කාලීන කර ඇති බව කී නියෝජ්‍ය ඇමතිවරයා තව දින තුනක් හෝ හතරක් ඇතුළත බිඳවැටුන සමස්ථ සනන්වේදන ජාලය සියයට සියයක් යථාවත් කළ හැකි බවට පුරොකථනය කළේය.


ඒ වෙනුවෙන් දිවා රෑ නොමැතිව ටෙලිකොම් සමාගම ඇතුළු සමස්ථ සන්නිවේදන සමාගම් මෙහෙයුම් දියත් කර ඇති බව ද නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

කෙසේ නමුත් මේ වනවිට ලංකාවේ ඇති 16000ක් පමණ වූ දුරකථන සන්නිවේදන කුළුණුවලින් කුළුණු 4000ක් පමණ ජලගැලීම්, නායේ යෑම්, මෙන්ම විදුලිය විසන්ධිවීම් මත අක්‍රීය වී ඇති බව පැහැදිලි කළ නියෝජ්‍ය ඇමතිවරයා මේ වනවිට ඉන් 2800ක් ක්‍රියාත්මක තත්ත්වයට පත් කළ ඇති බවය.

ඔහු පෙන්වා දෙන්නේ තවමත් සන්නිවේදන කුළුණු 1200ක් ක්‍රියාත්මක කිරීමට ඉතිරිවී ඇති බවය. ඉන් වැඩි ප්‍රමාණයක් අක්‍රීය වී ඇත්තේ විදුලිය විසන්ධිවීම් මතය.

සන්නිවේදන කුලුනුවලින් 949ක් විදුලි විසන්ධි වීම් නිසා ද, 177ක් සුළු ෆයිබර් දෝෂ හේතුවෙන් ද, වෙනත් විවිධ හේතු මත කුලුනු 122ක් ද ලෙස සමස්ථ සන්නිවේදන කුලුනු 1248ක් දැනට අක්‍රීයව ඇති බව කී නියෝජ්‍ය ඇමතිවරයා දින කීපයක් තුළ නිසැකවම මෙම සන්නිවේදන පද්ධතිය පෙර තිබූ අයුරින් සක්‍රීය කරන බව තහවුරු කළේය.

ඇමතිවරයා කළ පැහැදිලි කිරීම මෙසේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka