gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගම්මන්පිලගේ UNP සබඳතා ආරම්භ වෙලා තියෙන්නේ මව් කුසේ ඉඳන්මලු

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල නායකයන්ට බොහෝවිට ලැජ්ජාව නොමැති බව දැකගත හැකිය. මැතිවරණවලදී ජනතාවගේ ඡන්දය ලබාගැනීම වෙනුවෙන් ප්‍රතිවිරුද්ධ යැයි සලකන දේශපාලන පක්ෂවලට සහ ඒවායේ නායකයන්ට නිර්දය ලෙස පහරදෙන ඔවුහු, පසුව ජනතාව විහිලුවට ලක්කරමින්, තමන් විසින් දරුණු ලෙස විවේචනය කළ දේශපාලන නායකයන්ගේ කරට ඇත දමා ගනිති.

ලබන 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩු පෙරළීමේ රැලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගියදා කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයට නාමල් රාජපක්ෂ ඇතුළු ගිය පිරිස අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලද විය.

තමන් එහි යෑම සාධාරණීකරණය කිරීමට ගම්මන්පිල එහිදී, තමාටද UNP ඉතිහාසයක් ඇති බව ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.

“මම මගේ අම්මගේ කුසේ ඉන්නකොට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැන්වස් කරන්න ගියා. මගේ මාමා එවකට නාවලපිටියේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා” යනුවෙන් ගම්මන්පිල හෙළිකර ඇත්තේ එහි පැමිණ සිටි අයගේ සිනහව හා අත්පොළසන් මධ්‍යයේ ය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka