gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හබරණ SPA එකක සම්බාහන කරන ගමන් කරපු අනිත් වැඩෙත් මාට්ටු

හබරණ ජයසෙන්ගම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන හිමිකාරියක දිගු කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී අද සවස අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.

පොලිස් සුනඛයන් යොදා සිදු කළ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සතුව අයිස් ග්‍රෑම් හතරයි මිලිග්‍රෑම් සීයයක් ළඟ තිබියදී සොයා ගැනීමට හැකි වූ බව හබරණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ජේ. මධුසංක දිසානායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය .

සැකකාර කාන්තාව පනස් හය වියැති ලිහිනියාමුල්ල,උඩවල,මිරිස්ස ප්‍රදේශයේ පදිංචි අයකු බවද පරීක්ෂණ සිදු කරන හබරන පොලිසිය සඳහන් කරයි.

මෙම කාන්තාව හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ ජයසෙන් ගම සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් එහි පැමිණෙන අයවලුන්ට අයිස් මත්ද්‍රව්‍ය දීර්ඝ කාලයක සිට විකුණා ඇති බවට මූලික පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.

(මදුශානි අබේසිංහ)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka