gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නඩු ගොනු කිරීම Online ක්‍රමයට

ලබන වසරේ සිට නීතිඥවරුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අධිකරණ වෙත නඩු ගොනු කිරීමට හැකි වන පරිදි අධිකරණ පද්ධතිය නවීකරණය කිරීමට රජය තීරණය කර තිබේ. 2026 වසරේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊ -නඩු ගොනු කිරීමේ පද්ධතිය ( e- filing system) අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එමගින් නීතිඥවරුන්ට මාර්ගගත ආකාරයට නඩු ගොනු කිරීමට හැකියාව ඇති වන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.

කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන බවත් එමගින් වඩාත් කාර්යක්ෂම හා තාක්ෂණය මත පදනම් වූ අධිකරණ ක්‍රියාවලියක් සඳහා ශක්තිමත් ඩිජිටල්  පදනමක් ස්ථාපිත කර තිබෙන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි. නීති වෘත්තිකයන්ගේ සහ මහජනතාවගේ පහසුව වැඩි දියුණු කරමින් දිවයින පුරා විහිදී තිබෙන අධිකරණ වෙත මෙම ඊ නඩු ගොනු කිරීමේ පද්ධතිය ක්‍රමයෙන් ව්‍යාප්ත කරන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka