gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

NPPයට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැයත් පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමිව තිබූ දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැයත් අද (13) එක් වැඩි ඡන්දයකින් පරාජයට පත්විය. ජාතික ජන බලවේගය යටතේ තේරී පත්වූ මන්ත්‍රීවරු 12 දෙනා අයවැයට පක්ෂව ඡන්ද පාවිච්චි කළ අතර සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු 13 දෙනා අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ.

පළාත් පාලන මැතිවරණයෙන් පසු දොඩංගාඩ ප්‍රාදේශීය සභාවේ සභාපති තේරීම සඳහා පැවති රහස් ඡන්දයේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ජාතික ජන බලවේගයට සහාය ලබාදීම හේතුවෙන් ඡන්ද 14ක් ලබා ජාතික ජන බලවේගයේ සභිකයෙකු සභාපති ලෙස පත් විය.

ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ දී මන්ත්‍රීවරු අතර පැවැති එකමුතුකම අයවැයට ඡන්දය පාවිච්චි කිරීමේදී දක්නට නොලැබුණු අතර ඒ නිසාම අයවැයට පක්ෂව ඡන්ද 12ක් හිමිවෙද්දි විරුද්ධව ඡන්ද 13ක් ලබා ගනිමින් විපක්ෂය අයවැය පරාජයට පත් කළේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka