gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කරාපිටිය රෝහලේ උග්‍ර නිර්වින්දන වෛද්‍ය හිඟයක්… සැත්කම් නවතී…!

ගාල්ල ජාතික රෝහලේ උග්‍ර නිර්වින්දන වෛද්‍ය හිඟය හේතුවෙන් ළමා – පිළිකා – සාමාන්‍ය ශල්‍යකර්ම පවා නතර කිරීමට සිදු වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසයි. ශල්‍ය කර්ම නිසි වේලාවට කර ගැනීමට නොහැකිව රෝගීහු දැඩි ජිවිත අවදානමකටද පත්ව සිටිති.
ගාල්ල ජාතික රෝහලේ ශල්‍යාගාර 14 ක් ක්‍රියාත්මක වේ. සිටිය යුතු නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 52 ක් වුවත් දැනට සේවයේ යෙදෙන්නේ නිර්වින්දන වෛද්‍යවරුන් 35 දෙනෙකු බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරු පටිපාටියට අනුව මින් නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනකු ස්ථාන මාරු කිරීමට ද නියමිතව ඇත.

දකුණු පළාත මෙන්ම ඌව සහ සබරගමුව යන පළාත්වල රෝගී ජනතාවට සෞඛ්‍ය පහසුකම් සලසන ගාල්ල ජාතික රෝහලේ මෙම නිර්වින්දන වෛද්‍ය හිගයට වහාම පිළියම් යොදන ලෙස අසරණ වූ රෝගීහු රජයෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංගා මහතා මෙසේ පැවසීය.

‘දැනට රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතිනවා. ඒක සත්‍යයක්, මේ හේතුවෙන් සමහර ශල්‍ය ලැයිස්තු අවලංගු කිරීමට පවා සිදුවී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝග මත තමයි නිර්වින්දන වෛද්‍යවරුන් ස්ථාන මාරු කරන්නේ.

එසේ කිරීමට නියෝග ලැබුණ විටදී එම නියෝග ක‍්‍රියාත්මක නොකර සිටීමට අධ්‍යක්ෂවරයාට හැකියාවක් නැහැ. 2017 වර්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව මෙම රෝහලට නිර්වින්දන වෛද්‍යවරුන් 52 ක් සිටිය යුතු වෙනවා. නමුත් ඊට පසු තව තවත් අංශ වැඩි දියුණු වීම හේතුවෙන් මෙම ගණනද වැඩි වී තිඛෙනවා. නමුත් දැනට විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් සිටින්නේ 35 ක් පමණයි’

– ලංකාදීප
 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka